Wednesday, January 30, 2013
ඇයි ගෑණු අපිටම?
මේක පටන් ගත්තට මොකෝ ලියන්න දේවල් කොච්චර තිබුනා උනත් ලියන්න තියෙන්නෙ පුදුම කම්මැලි කමක්. කම්මැලිකම් නැති වෙලා ආයෙත් ලියන්න හිතුනේ හැමෝම බ්ලොග් ගෙට්ටු ගැන පෝස්ට් දාලා තියෙනව දැක්කම තමයි. අනේ මටත් යන්න තිබ්බනම් කියලා හිතුනා. ඒත් ඉතින් මාව කවුරුත් දන්නෙ නෑනෙ. හරි ඒ කතාව පැත්තකින් තියමුකො. දැන් මම කියන්න ගියේ මේකයි. මම ඔය වගේ ගෙට්ටුවකට යන්න අපේ අම්මගෙන් අවසර ඉල්ලුවොත් එයා අවසර දෙයිද? මේ දෝනියැන්දා දන්නෙ නැද්ද එයාගේ අම්මගෙ හැටි. අවසර කෙසේ වෙතත් මට ඉන්ටනෙටුත් නැතුව යාවි.
පිටරටවලනම් ළමයිට අවුරුදු 15 උනාට පස්සේ දෙමව්පියෝ වැඩිය පස්සෙන් පන්න පන්න හොයෙන්නෙ නෑලු. අපේ රටෙත් ඒ වගේ උනානම් හොඳයි කියල මට හිතෙනව. අපේ රටෙත් කොල්ලන්ට ඉතින් එහෙ මෙහෙ යන්න අවසර තියෙනවනෙ. ඇත්තමයි ඒ වගේ වෙලාවට මමත් කොල්ලෙක් උනානම් කියලා මට අනන්තවත් හිතිල තියෙනව. ඇයි පිරිමි ලමයිට තියෙන නිදහස අපිට නැත්තෙ? මට කවද හරි දුවෙක් හිටියොත් මමනම් එයාට එහෙම නීති දාන්නෙ නෑ. එයා මේ සමාජේ ඇවිදල අත්දැකීම් ලබාගනී. අද මට නොලැබෙන නිදහස එයා යහපත් විදිහට පාවිච්චි කරයි. මම එයාට ඒවා කියල දෙනව.
හැබැයි අම්මා මට එහෙ මෙහෙ යන්න දෙන්නෙ නෑ කියල අම්මා එක්ක පොඩි තරහවක්වත් මට නෑ. මොකද මම දන්නවා අම්මා හැමදේම කරන්නෙ මට තියෙන ආදරේට කියල. මම ඒ වගේ වෙලාවට අපේ රටේ අම්මලා එහෙම තමයි කියලා හිත හදාගන්නව. හැබැයි කවදා හරි මම බදින කෙනත් මට නීති දාලා මාව ගෙදරටම කරල තිබ්බොත් මොකද කරන්නෙ? අනේ මටනම් එහෙම වෙන්න එපා කියලා මම ප්‍රාර්තනා කරනව.
Subscribe to:
Post Comments (Atom)
ගෑල්ලමයිට තියෙන හෙනම පුරස්නේ ඕක තමා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔව් ඒත් ඉතින් මොනවා කියල කරන්නද? ඔයාටත් සුභ වේවා :)
Deleteපුත් පිහ් හකාස් ....ඒක නේන්නම් :) මාර ප්‍රශ්නෙනේ?
DeleteHafoi..... Owwa ganan ganna epa saho.... oka merate waraddak misak ammage waradak newei kiyana ekanam aththatama aththa......... eth apita ewwa ekaparatama wenas karanna bahane. tiken tika wenas wenna ona.......... ekek dennek newei, hamoma, mulu ratema minissu wenas wenna ona. aththtama merate girl kenek thaniyana yanae-ana eka anarakshithai thama.
ReplyDeleterjathumatawath bariweida mekata aluthen nithiyakwath panawanna.... ?