Wednesday, January 30, 2013

ඇයි ගෑණු අපිටම?


මේක පටන් ගත්තට මොකෝ ලියන්න දේවල් කොච්චර තිබුනා උනත් ලියන්න තියෙන්නෙ පුදුම කම්මැලි කමක්. කම්මැලිකම් නැති වෙලා ආයෙත් ලියන්න හිතුනේ හැමෝම බ්ලොග් ගෙට්ටු ගැන පෝස්ට් දාලා තියෙනව දැක්කම තමයි. අනේ මටත් යන්න තිබ්බනම් කියලා හිතුනා. ඒත් ඉතින් මාව කවුරුත් දන්නෙ නෑනෙ. හරි ඒ කතාව පැත්තකින් තියමුකො. දැන් මම කියන්න ගියේ මේකයි. මම ඔය වගේ ගෙට්ටුවකට යන්න අපේ අම්මගෙන් අවසර ඉල්ලුවොත් එයා අවසර දෙයිද? මේ දෝනියැන්දා දන්නෙ නැද්ද එයාගේ අම්මගෙ හැටි. අවසර කෙසේ වෙතත් මට ඉන්ටනෙටුත් නැතුව යාවි.

පිටරටවලනම් ළමයිට අවුරුදු 15 උනාට පස්සේ දෙමව්පියෝ වැඩිය පස්සෙන් පන්න පන්න හොයෙන්නෙ නෑලු. අපේ රටෙත් ඒ වගේ උනානම් හොඳයි කියල මට හිතෙනව. අපේ රටෙත් කොල්ලන්ට ඉතින් එහෙ මෙහෙ යන්න අවසර තියෙනවනෙ. ඇත්තමයි ඒ වගේ වෙලාවට මමත් කොල්ලෙක් උනානම් කියලා මට අනන්තවත් හිතිල තියෙනව. ඇයි පිරිමි ලමයිට තියෙන නිදහස අපිට නැත්තෙ? මට කවද හරි දුවෙක් හිටියොත් මමනම් එයාට එහෙම නීති දාන්නෙ නෑ. එයා මේ සමාජේ ඇවිදල අත්දැකීම් ලබාගනී. අද මට නොලැබෙන නිදහස එයා යහපත් විදිහට පාවිච්චි කරයි. මම එයාට ඒවා කියල දෙනව.

හැබැයි අම්මා මට එහෙ මෙහෙ යන්න දෙන්නෙ නෑ කියල අම්මා එක්ක පොඩි තරහවක්වත් මට නෑ. මොකද මම දන්නවා අම්මා හැමදේම කරන්නෙ මට තියෙන ආදරේට කියල. මම ඒ වගේ වෙලාවට අපේ රටේ අම්මලා එහෙම තමයි කියලා හිත හදාගන්නව. හැබැයි කවදා හරි මම බදින කෙනත් මට නීති දාලා මාව ගෙදරටම කරල තිබ්බොත් මොකද කරන්නෙ? අනේ මටනම් එහෙම වෙන්න එපා කියලා මම ප්‍රාර්තනා කරනව.

Monday, November 19, 2012

෴වැහි කුණාටුව පටන් ගත්තා෴


ජීවිතේ වෙලාවකට කුනාටුවක් වගේ, මං ඒවගේ ජීවිත කුණාටුවක පීඩා මැදින් යන වැහි ලිගිණියෙක් වගේ.

අද නං මට හරිම සතුටුයි. මේ බ්ලොග් එක හදන්න දවසක්ම ගත උනානෙ. හදලනම් ටිකක් කල් ඔන්න අද තමයි පලවෙනි ලිපිය දාන්නෙ.  දැන් ඉතින් මම ඔයාලට මගේ කතා ලියනවා. මට විශ්වාසයි ඔයාලා මගේ බ්ලොග් එක කියවලා හොඳ නරක කියයි කියලා.  මං ඔයාලගෙ බ්ලොග් ගොඩක් බලලා තියනවා.. මටත් ආස හිතුනා මගේ හිත ඇතුලෙ තනියෙම හිර වෙලා තිබ්බ දුක, සතුට මගේ අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්න.. මාත් ඉතින් ඔන්න බ්ලොග් ලෝකෙට ආවා මම වැඩිය මේවා ගැන දන්නේ නෑ. ඔයාලා මට උදව් කරනවා නේද? හි හී ඔන්න එහෙනන් ඊගාව දවසේ ඉඳන් මේ කුණාටුවෙන් මගේ ජීවිතේ ගැන මගේ අදහස් ගැන ඔයාලට කියවන්න පුළුවන්. :)

මම මහේෂි.